පිංතූරයක් ඇතුලෙ file හංගගන්න දන්නවද?


කොහොමද ඔයාලට...? අදත් මම ආව සුපිරි පෝස්ට් එකක් අරගෙන. පිංතූරයක් ඇතුලෙ file හංගගන්න දන්නවද?  නැත්නමි මම කියලදෙන්නමි.  දැන් වැඩේට බහිමු
ඔක්කොටම කලින් ඔයාගෙ පීසී එකේ Archive Software  එක install කරලද නැත්නමි මේ link එකන් නොමිලේම බාගන්න.
http://software-files-a.cnet.com/s/software/13/79/05/49/wrar510.exe?token=1409280760_0ed9d9f2d3eeb2f7bb4cafbedaacb430&fileName=wrar510.exe
මේ උපකල්පන ටික යොදාගත්තම ලේසි.
පින්තූරෙ නම :image
File එකේ නම: file
Folder එකේ නම: New Folder

පින්තූරෙ හංගන ක්‍රමය                                
මුලින්ම folder එකක් හදා ගෙන ඒක ඇතුලට .JPG කියන format එකේ පින්තුරයත්, හංගන්න ඕනි file එකත් දා ගන්න. (file කීපයක් උනත් කමක් නෑ.) ලේසි තැනක හදා ගන්න. C එකේනම් ගොඩක් හොදයි.

හංගගන්න ඔනෙ file එක උඩ right click කරලා ‘add to Archive’ කියල select කරන්න. file එක compress වෙලා ඒ folder එක ඇතුලෙම පෙනේවි. 

දැන් Start>Run ගිහින් (නැත්නම් windows key +R) cmd කියල type කරලා Enter කරන්න. command prompt window එක පෙනේවි.
ඒකෙදි CD\ කියල type කරලා enter කරන්න.
ඊට පස්සේ ‘cd New folder’ කියල. (New Folder කියන්නෙ පින්තූරය තියන folder එකේ නම.)
C:\New Folder> කියන තැන මේ තියන වචන type කරන්න.

copy /b Image.jpg + File.rar Image.jpg

copy /b ලගට තියෙන්නේ ඔයාලගෙ පින්තූරෙ නම.නම ලිව්වට පස්සෙ space එකක් තිලෙ + ලකුණ දාල space එකක් තියල rar file එකේ නම ලියන්න.ආයිත් space එකක් තියල පින්තූරෙ නම ලියන්න.දැන් enter ඔබන්න.
දැන් බලන්න ගිහින් පින්තූරෙ file size එක වැඩිවෙලා නේද කියල. ඒ කියන්නේ file එක පින්තූරෙ ඇතුලට ගිහින් තියෙන්නේ. ඒ උනාට පින්තූරෙ උඩ click කලාම open වෙන්නෙ පින්තූරෙ විතරයි.

පින්තූරෙ අයින්කරන ක්‍රමය                                

පින්තූරෙ උඩ right click කරලා open with ගිහින් winrar select කලාමfile එක පෙන්නාවි.
open with list එකේ winrar නැත්නම් choose program ගිහින් winrar select කරන්න.

කොහොමද වැඩේ..... පටිටයි නේද...............?
තව පෝස්ටි එකකින් හමුවෙමු. කොමෙන්ටුවක් කොටලම යන්න...................!



No comments: