How to Share large file using Gmail - ජී මේල් වලින් ලොකු ෆයිල් එකක් ශෙයා කරන්න කොහොමද?

 අපි අපේ ජීමේල් එකවුන්ට් එක පාවිච්චි කරල ෆයිල් එකක් මේල් කරද්දී අපිට යවන්න පුළුවන් මෙගාබයිට් 25 කට වඩා අඩු ෆයිල් එකක් විතරයි.

ඊට වඩා ලොකු ෆයිල් එකක් share කරන්න ඕන වුනොත්
🤔🤔
ඒකට අපිට හොඳ විසඳුමක් තියෙනවා. ඉස්සෙල්ලම අපට කරන්න තියෙන්නේ ෆයිල් එක google drive එකට upload කරගන්න එක. ඔයා ෆෝන් එකෙන් Google Drive පාවිච්චි කරන කෙනෙක් නම් upload කරපු ෆයිල් එක ඉස්සරහ තියෙන ඩොට් තුනක් වගේ තියන අයිකන් එක touch කරල link sharing off කියන එක ටච් කරන්න. එතකොට ඒක on වෙන විදීහ කොළපාටින් බලාගන්න පුළුවන්. දැන් එතනම පහලින් තියෙන copy link කියන එක ටච් කරලා ලින්ක් එක කොපි කරගන්න.
දැන් ඔයාගේ ජිමේල් එක පාවිච්චි කරලා මේල් එකෙන් යවන්නේ මෙන්න මේ කොපි කරගත්තු ලින්ක් එක.
මේ ක්රමේ පාවිච්චි කරලා ඔයාලට ගිගාබයිට් ගානක ෆයිල් එකක් වුණත් කිසි ප්රශ්නයක් නැතුව මේල් කරන්න පුළුවන්.
මේ ක්රමය ගොඩ දෙනෙක් දන්නවා. ඒත් දන්නැති කෙනෙකුට උපකාරයක් වෙයි කියලා පෝස්ට් එක දැම්මේ. ඔයාට මේ ගැන තියෙන අත්දැකීම් comment එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ ගැන ප්රශ්නයක් තියෙනවනම් comment එකක් දාන්න. තවත් කෙනෙකුට වැදගත් වෙයි කියල හිතෙනවා නම් හැමෝටම බලන්න ශෙයාර් කරගෙන යන්න.

Google Drive (ගූගල් ඩ්‍රියිව්)




අද මම කථා කරන්න යන්නේ google drive කියන්නේ මොකද කියලා. google drive ගැන ඔයාලා හැමෝම වගේ දන්නවා ඇති. mobile phone, computer පාවිච්චි කරද්දි අපට ඉතාමත් වැදගත් වෙන ගූගල් සමාගමෙන් ලබාදෙන service එකක් තමයි google drive කියන්නේ.
අපි google account එකක් හදනවත් එක්කම 15GB ක cloud storage එකක් Google වෙතින් අපිට හම්බවෙනවා. මේක හරියට පෙන් ඩ්රයිව් එකක් වගේ . අපිට ඕනිම දෙයක් දාලා තියන්න පුළුවන් ඒ වගේම තමයි අපිට ඕනෙ වෙලාවක ආයෙත් ලෝකෙ ඕනෙම තැනක ඉඳන් phone එක computer එකෙන් හරි ඕනිම ෆෝන් එකෙන් හරි වෙලා ඒ දේවල් ගන්න පුළුවන්. documents, photo ,video වගේ ඕනිම දෙයක් මේ විදියට දාලා තියාගන්න පුළුවන්.
ඔයාගේ pc එකේ මොබයිල් ෆෝන් එකේ තියාගන්න බැරි පෞද්ගලික data ඩේටා drive එකට backup කරලා තියන්න පුළුවන්. මේක හරියට පෙන් එකක් වගේමයි. new folder හදන්න ඒ වෙතට documents දාන්න වගේ දේවල් කරන්න. ඒ වගේම අපි ඩ්රයිව් එකට අප්ඩේට් කරද්දි අපි night and එකට use කරලා ඩේට වලට යන වියදම අවම කරගන්න
පුළුවන්.

අපි දැන් බලමු කොහොමද google drive google drive වෙත ප්රවේශ වෙන්නෙ කියලා

අපි වෙබ් එකෙන් යනවනම් drive.google.com කියන URL එක හරහා ප්රවේශන පුළුවන්.
ඒ වගේම ඔයාගේ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එක හරහා google drive වෙත පිවිසෙනවා නම් plays Store එකේ google drive කියල ටයිප් කරල android app එක ලබාගන්න පුළුවන්. ඔයා ඇපල් ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් App Store එක හරහා Google Drive ඇප් එක ලබාගන්න පුළුවන්. ඔයාගේ desktop එක laptop එක පාවිච්චි කරනවා windows application එක අරගෙන වුණත් ප්රවේශ වෙන්න පුළුවන්.

කොහොමද ෆෝන් එකෙන් මේක ඩේට අප්ලෝඩ් කරන්න

ඔයා drive එකට ලොග් උනාට පස්සේ තියෙන ධන ලකුණ ටච් කරලා upload කියන එක උඩ ටච් කරලා ඕනිම දෙයක් upload කරගන්න පුළුවන්. එතනදි ඔයාලට subfolder ඇතුලට එහෙම දාගන්න පුළුවන්.

තව මොනාද කරන්න පුළුවන්

google doc භාවිතා කරලා document එකක් හදාගන්න, google sheet භාවිතා කරලා spread Sheet එකක් හදාගන්න, google slide භාවිතා කරල presentation එකක් හදාගන්න වගේ දේවල් කරන්න පුළුවන්. ඔයාලට මේවත් එක්ක වැඩ කරද්දි Microsoft office වල වැඩ කරනවා වගේ අහසින් වැඩ කරන්න පුළුවන්.


මේකෙන් යාළුවොත් එක්ක file share කරන්න පුලුවන්ද

ඔව් ඔයාට drive එක පාවිච්චි කරලා යාළුවොත් එක්ක file share කරන්න පුළුවන්. තුන් හතර දෙනෙක් එක්ක පාවිච්චි කරන එකට document එක එක්ක එකතු වෙලා එඩිට් කරන්න වගේ දේවල් කරන්න පුළුවන්.
මේ ගැන ඔයාලගෙ අත්දැකීම් Comment කරන්න. තවත් යාලුවෙකුට වැදගත් වෙයි කියල් හිතෙනවනම් Share කරන්න.